රුහුණු මහා කතරගම දේවාලයේ මහබෙත්මේ – කුඩා බෙත්මේ නිලමේ පදවි

රුහුණු මහා කතරගම දේවාලයේ මහබෙත්මේ – කුඩා බෙත්මේ නිලමේ පදවි

ආලත්ති අම්මවරුන් සිදු කරන පුජාව
කතරගම මහා දේවාලය ඉදිකර දෙවියන්ට පුජා කල දුටු ගැමුණු මහා රජතුමා ඉරහඳ පවතිනා තුරා කඳ සුරිදුන්ට පුද පුජාවන් පැවැත්වීම පිණිස රාජකාරි කරුවන් 555 කු පත් කල බව ජනප්‍රවාදයේ කියවේ. මෙම රාජකාරි පුද්ගලයින් ගේ පැවැත්ම සඳහා ගොඩමඩ ඉඩකඩම් ලබා දුන් දුටු ගැමුණු මහා රජතුමා දේවාලයේ පැවැත්ම සදහා ඉඩ කඩම් බදු දීමටත් එම ආදායමෙන් දේවාලයේ පෙරහර මංගල්‍යන් සිදු කර දේවාලයේ පැවත්මට අවශ්‍ය වියදම් පියවා ගැනීමට ක්‍රියාකරන ලෙස රජතුමා නියෝගයක්ද පනවනු ලැබිය.
එදා සිට අදත් වසර 2243 ක් පුරා කතරගම මහා දේවාලයේ පුද පුජා පවත්වා රටට ජාතියට රටවැසි ජනයාට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනු ලබයි.
රුහුණු මහා කතරගම දේවාලයේ සිදු කරනු ලබන චාරිත්‍ර අතර සිය`ඵ චාරිත්‍ර සිදු කරනු ලබන්නේ පිරිමි පුද්ගලයින් වන අතර මෙම පිරිසට අමතරව කඳ කුමරුන්ගෙන් වරම් ගෙන සෑම පුජාවකටම දෙවියන්ට දිර්ඝ ආයුෂ වඩන තවත් ස්ති්‍රී පාර්ශ්වයේ 12 දෙනකු ද සිටිති.
මෙම පිරිස ආලත්ති අම්මලා ලෙස හඳුන්වන අතර මෙම පිරිස 12 දෙනකුගෙන් සැදුම්ලත් පිරිසක්වේ. ආදිවාසින්ගේ පෙනුමට සමාන ඇඳුමින් සැරසෙන මෙම පිරිස දේවාලයේ පැවැත්වෙන උදෑසන 4 පුජාවටත් සවස 6 ට පැවැත්වෙන පුජාවටත් එක්වෙන අතර සතියකට වරක් සෙනසුරාදා නානමුර මංගල්‍යට ද මෙම ආලාත්ති අම්මලා එක්ව පුජාවට සහාභාගිවේ.
දෙවියන් ගේ පුජාව පැවැත්වෙන අවස්ථාවේ දීි ප්‍රථමයෙන් මෙම ආලත්ති පුජාව පැවැත්වෙන අතර දෙවියන් ගේ තිරය අසළ සිටින කපු මහතා විසින් මෙම ආලත්ති අම්මාලට පහන් තිරයක් ලබා දීම සිදු කරති. එම පහන් තිරය දල්වා ගන්නා ආලත්ති අම්මලා පහනත් රැගෙන දේවාලය පිටු පස ඇති දේව මාලිගයේ පිටුපස වට්ඨාරම නම් ස්ථානයට පැමිණ දෙවියන්ට ආශිර්වාද කවි කියමින් දැල් වු පහන් කරකවමින් නළලට අත තියා දෙවියන් ට දිර්ඝ ආයුෂ ලැබේවා යැයි ප්‍රාර්ථනා කරති.
පසුව නැවත මෙම ආලත්ති අම්මලා දේවාලයට පැමිණ දේවතිරය අභියස සිටින කපු මහතා ඉදිරියේ නැවත පහන් කරකවා දෙවියන්ට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කර ආලාත්ති අම්මලා නික්ම යනු ලබති.
මෙම රාජකාරිය දේව කාරියක් ලෙස සිදු කිරිීමට ආලත්ති අම්මලා 12 දෙනකු පත් කර ඇති අතර මේ සඳහා දේවාලයෙන් වසරකට වරක් ලබා දෙන රාජකාරි වැටුප වන රුපියල් දෙකයි(2) ශත 80 වැටුපද ලබා ගන්නා මෙම ආලත්ති අම්මලාට සිය රාජකාරි ඉටු කිරිීම වෙනුවෙන් වී සහල් ද ලබා දෙන අතර මෙම ආලත්ති අම්මලාගේ ප්‍රධාන අම්මා වන පොඩිමැණීකේ මාතාව පැවසුවේ. අපි මේ රාජකාරිය ඉතාම පිරිසිදුව සිදුකරනවා. කතරගම දෙවියන්ට සිදු කරනු ලබන සෑම මංගල්‍යකදීමත් කප් සිටවීමේ මංගල්‍යයට. ඇසළ පෙරහරට. දියකැපිීිමේ මංගල්‍යයට. ඉල්මහා පෙරහරට. අවුරුදු මංගල්‍යයට. යන ප්‍රධාන අවස්ථාවන්ට අමතරව සෑම දිනකම දෙවියන් ගේ පුජාවට අපි එක්වෙනවා. මෙයින් අපි කරන්නේ දෙවියන්ට දීිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කිරිිීමයි. අතීතයේ රජතුමාටද මේ වැනි අයුරින් කිරි අම්මලාවරුන් පැමිණ දිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කලා. එම කාර්ය දෙවියන්ටත් සිදු කිරිමට දුටු ගැමුණු මහා රජතුමා රජු අණ කලා. එය තමයි අදත් අපි මේ කරන්නේ. යනුවෙන් ආලත්ති අම්මලාගේ ප්‍රධාන නායිකාව පොඩිමැණිකේ මාතාව පැවසිය.

මේ සම්බන්ධව අදහස් දැක් වු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුධුරන්දර සොමිපාල ටී රත්නායක මහතා පැවසුවේ අතීතයේ දීි කතරගම දෙවියන් වල්ලි දෙවඟන හා විවාහ වු අවස්ථාවේ දි වල්ලි දෙවඟන කුඩා කල සිට හදා වඩාගත් වැදි ජනයා හඩා වැටෙමින් කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ තම වරිගයටත් දෙවියන්ට සිදු කිරිමට කුමනහෝ රාජකාරියක් ලබා දෙන ලෙසයි. ඒ අනුව මෙම පිරිසට දේවාලයේ පැවැත්වෙන පුජාවන්ට සහාභාගි වී දෙවියන්ට ආශිර්වාදය කරන්න අවසරය ලබා දුන්නා. ඒ අනුව මෙම ආලත්ති අම්මලා දේවාලට ඇති කල දා පටන් මෙම රාජකාරිය ඉටුකරනවා. යැයි සොමීපාල ටී රත්නායක කපු මහතා පවසයි.
මෙම ආලාත්ති පුජාව සදහා කැපව සිටින මව්වරුන් මැදිවිය ගත කරනු ලබන අය වන අතර සෑම සතියකටම වරක් දේවාලයේ සිදු කරනු ලබන බෝධියේ නාන මුර මංගල්‍ය සදහා මැණික් ගඟෙන් පැන් රැගෙන එම මෙම ආලාත්ති අම්මලාට ඇති රාජකාරියක් වන අතර සෑම වසරකටම වරක් බුත්තල දෙවියන්ගේ වෙළෙන් රැගෙන එනු ලබන වී සහල් කර දේව දානයට ලබාදීම මෙම ආලත්ති අම්මලා විසින් සිදු කල යුතු තවත් කාර්්‍යකි. කතරගම දේවාලයේ පැවැත්වෙන පෙරහර මංගල්‍යන් තුල දී දෙවියන් වැඩම වන හස්ති රාජයා අභියස ඉදිරියෙන් ගමන් ගන්නා මෙම ආලාත්ති අම්මාගේ පුජාව අදටත් දැකිය හැක්කේ කතරගම පුද බිමේදි පමණි.
අම්මාගෙන් දුවට යන මෙම නිළ රාජකාරිය ආලාත්ති අම්මලා සිදු කරන අතර මාසයකට දෙදෙනා බැගින් බෙදී මෙම පුජාව සිදු කිරිමට කටයුතු කරති.
මෙම ගෞරවන්ත වු පුද සත්කාරය කරනු ලබන මෙම ආලාත්ති අම්මාලා වෙනුවෙන් දේවාලයේ කුඹුරු වල වී අස්වැන්නෙන් කොටසක් සෑම මංගල්‍යක දීම ලබා දීමට බස්නායක නිලමේතුමා ක්‍රියා කරති.