බස්නායක නිලමේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරය

බස්නායක නිලමේ ධූරයේ පළමු නාමය “මහ බෙත්මේ” යන්නයි. මෙකී ධූරය පළමු කොටම හොබවන ලද්දේ ක‍්‍රි. පූර්වයේදී දුටුගැමුණු රජුගේ ඥාතිවරයකු (මාමා කෙනෙකු) යැයි කියැවේ. සිංහල රජ දවස එනමින් එසේ පැවතුන ද සුදු අධිරාජ්‍ය බලය ලංකාව තුළ ස්ථාපිත වූ එක් දහස් අටසිය ගණන් වන විට ඉංග‍්‍රිසි ආණ්ඩුව මගින් පත්කරනා ලද කමිටුවකින් මහබෙත්මේ නිළය, බස්නායක නිලමේ යනුවෙන් වෙනස් කර, පාරම්පරික පෙළපත් වලට එම නිලයේ බලය පවරා, ඊට අදාල සුදුස්සන් පත් කරනා ලදි.

එවක් පටන් එසේ පරපුරෙන් පරපුරට පැවත ආ බස්නායක නිලමේ ධූරය, 1931 වර්ෂය පමණ වනවිට අදාල බල ප‍්‍රදේශයේ නම් කරනා ලද ඡුන්ද ක‍්‍රමයකින් තෝරා පත්කර ගැනීමේ පනතක් සම්මත කොට ගෙන තිබේ. මෙකී ඡුන්ද බලය තුළ වසර දහයක ධූර කාලයක් නියමව තිබූ අතර එය 1980 දශකය වනවිට වසර පහකට සීමා කරන ලදි.

දෙවියන් වෙනුවෙන් පුදපූජා සහ චාරිත‍්‍ර ඉටු කෙරෙනා ඇතුලූ කට්ටලේ ප‍්‍රධානීන් ලෙස එදා සිටම කපු මණ්ඩලය දේව කාරියෙහි නියැලෙනා අතර පිට කට්ටලේ ප‍්‍රධානියා ලෙස බස්නායක නිලමේවරයා කටයුතු කරනු ලබයි. දේවාල කාර්ය භාර්යන්හි පරිපූර්ණ භාරකාරීත්වය බස්නායක නිලමේවරයා සතුව පවතී.

බස්නායක නිලමේවරුන්

මෙම නිළය සදහා ශ්‍රේෂ්ඨ උතුමෙකු පත් කිරිම අතීතයේ සිදුව තිබේ. වසර 10 ක නිළකාලයක් බස්නායක නිළමේවරයකුට පැවති අතර පසුව1974 න් පසුව වසර 05 ක කාලයක් දක්වා බස්නායක නිළමේවරයකුගේ නිළ කාලය වසර 05 කින් අඩු කරන ලදි.

රුහුණු මහාකතරගම දේවාලයේ මේ දක්වා සිටි නිළමේවරුන් අතරින් දැනට සොයා ගෙන ඇති නිළමේවරුවන් ලෙස මෙම පිරිස් ගැන සදහන්වේ.:

කි‍්‍ර,ව: 160 කිරිගල් පොත්තේ බණ්ඩාරනායක මුදියන්සේ රාලහාමි ඇතුලූ පරපුරට අයත් සත් දෙනා

කි‍්‍ර:ව: 160 අතලේ බස්නායක පරම්පරාව

කි‍්‍ර:ව:160 අලංමුල්ලේ බස්නායක මුල්කොට ගත් පරම්පරාව

කි‍්‍ර:ව: 160 කැබලිත්තේ බස්නායක නිළමේ පරපුර

කි‍්‍ර:ව: 291 මාතර අබේසිංහවීරවික‍්‍රමසුරිය

කි‍්‍ර:ව: 1678 හත්ක`ද රාළහාමි

කි‍්‍ර:ව: 1682 මහනුවර ඒලියම් සෙනරත් රදළ

කි‍්‍ර:ව: 1789 රාජකරුණා වාසළ මුදියන්සේලාගේ මඩකලපුව දිසාව

කි‍්‍ර:ව: 1764 දොඩම් වෙල දිසා රාළහාමි

කි‍්‍ර:ව: 1778 මොණරවිල දිසා රාළහාමි (වීරකැප්පොටිපොල)

කි‍්‍ර:ව: 1779 අංගම්මන දිවා කර වික‍්‍රමසිංහ රාජපක්‍ෂ වාසල මුදියන්සේ.

කි‍්‍ර:ව: 1781 පලිගු පාන දිසා රාළහාමි

කි‍්‍ර:ව: 1786 අරව්වා වල වික‍්‍රමසිංහ විජේවර්ධන නවරත්න

කි‍්‍ර:ව: 1800 උනම්බුවේ දිසා රාළහාමි( කධුරුගමුවේ දිසා මහතා)

කි‍්‍ර:ව: 1824 මාතර දොන් ජයලත්සෙනරත් රත්නායක

කි‍්‍ර:ව: 1847 එම් දොන් සිරිවර්ධන දිසානායක රාළහමි

කි‍්‍ර:ව: 1847 දොන් ලූවිස් ද සිල්වා අබේසිංහ දිසාවේ

කි‍්‍ර:ව: 1848-50 රඔක්පොත සෙනවිරත්න ඌවේ දිසා රාළහාමි

කි‍්‍ර:ව: 1861 කටුගහ බණඩාරනායකහේරත් මුදියන්සේ

කි‍්‍ර:ව: 1868 දික්වැල්ලේ දොන් ආබ‍්‍රහම් රාජපක්‍ෂ රත්නායක

කි‍්‍ර:ව: 1878 මුල්ලේගම පානමරටේ මහත්තයා හිගුරුකඩුව

කි‍්‍ර:ව: 1880 යදල්ගමුවේ සුරිය සේකර බණ්ඩාරනායන

කි‍්‍ර:ව: 1894 යදල්ගමුවේ අධිකාරම්

කි‍්‍ර:ව: 1909 කොස්ගොල්ලේ බණ්ඩාරනායක පුංචිබණ්ඩාර උල්විට ( අවසන් පරම්පරාවේ නිළමේ තුමා)

කි‍්‍ර:ව: 1909 කොස්ගොල්ලේ බණ්ඩාරනායක පුංචිබණ්ඩාර උල්විට ( අවසන් පරම්පරාවේ නිළමේ තුමා)

කි‍්‍ර:ව: 1927 ජී බී කටුගහ බස්නායක නිළමේ තුමා( ඉංගි‍්‍රසින් විසින් ඡන්ද ක‍්‍රමයෙන් පත් කල පළමු නිළමේතුමා )

කි‍්‍ර:ව: 1927 ජී බී කටුගහ බස්නායක නිළමේ තුමා( ඉංගි‍්‍රසින් විසින් ඡන්ද ක‍්‍රමයෙන් පත් කල පළමු නිළමේතුමා )

1945 රාජ්‍ය මන්ති‍්‍ර ජේ ඒ රඹුක්පොත නිළමේ තුමා

1945 රාජ්‍ය මන්ති‍්‍ර ජේ ඒ රඹුක්පොත නිළමේ තුමා

1955 විල්ප‍්‍රට් ඒ රත්වත්තේ මහතා

1955 විල්ප‍්‍රට් ඒ රත්වත්තේ මහතා

1962 (වැඩබලන) හැරල් වේරගම මහතා

1965 සේන රත්වත්තේ මහතා

1965 සේන රත්වත්තේ මහතා

1974 ජයවර්ධන අත්තනායක මහතා

1974 ජයවර්ධන අත්තනායක මහතා

1986 ධර්මදාස බණ්ඩා (හිටපු අමාත්‍ය වරයෙක් බිබිල)

1986 ධර්මදාස බණ්ඩා (හිටපු අමාත්‍ය වරයෙක් බිබිල)

1990 ගුණපාල හේරත් මහතා

1990 ගුණපාල හේරත් මහතා

1995 යසසිරි කස්තුරි ආරචිවි මහතා

1995 යසසිරි කස්තුරි ආරචිවි මහතා

2000 ප‍්‍රදිප් නිලංග දැල මහතා (දැනට මහනුවර බස්නායක නිළමේව සිටියි)

2000 ප‍්‍රදිප් නිලංග දැල මහතා (දැනට මහනුවර බස්නායක නිළමේව සිටියි)

2006 ශෂින්ද්‍ර‍්‍ර රාජපක්‍ෂ මහතා (හිටපු ඌවේ මහ ඇමති තුමා)

2006 ශෂින්ද්‍ර‍්‍ර රාජපක්‍ෂ මහතා (හිටපු ඌවේ මහ ඇමති තුමා)

2015 ඞී පි කුමාරගේ

2018 – දිල්රුවන් රාජපක්ෂ

2018 – දිල්රුවන් රාජපක්ෂ