
welcomeකතරගම පුද බිමට
කතරගම පුද බිමට
පැමිණෙන ඔබට
- කතරගම පුදබිමට පිවිසෙන ඔබගේ රථවාහන නියමිත ස්ථාන වල පමණක් නවතා තබන්න.
- පුදබිමට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණෙන්න.
- පුද බිම පොලිතින් හා ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බැවින් එවැනි දෑ රැගෙන ඒමෙන් වැලකීම යහපත්.
- පාවහන් නියමිත ස්ථානයට භාර දීමෙන් ඒවා අස්ථාන ගත නොවේ.
- තොරතුරු දැන ගැනීම සඳහා හෝ හදිසි අවශ්‍යතාවයක දී 047 - 2235122/885 යන දුරකථන අංක ඔස්සේ කතරගම මහා දේවාලයේ කාර්යාලය අමතන්න.
- දේවාලය වෙනුවෙන් ලබා දෙන මුදල් හා ද්‍රව්‍යමය ආධාර දේවාල කාර්යාලය වෙත පමණක් ලබා දෙන්න. සෑම පරිත්‍යාගයක් සඳහා ම රිසිට් පතක් ලබා ගන්න.

තේවා වේලාව
කතරගම මහා දේවාලය
අලුයම 4.30
උදෑසන 10.30
සවස 6.30
සෙනසුරාදා දින අලුයම 4.30 තේවාව නොපැවැත්වෙන අතර එදින පෙරවරු 9.30 නානු මුරය පැවැත්වීමෙන් අනතුරුව උදෑසන 10.30 තේවාව පැවැත්වේ. අලුත් අවුරුද්දට පෙර පුණ්යකාළයේ දී හා විශේෂ හේතුවක් නොවේ නම් දේවාලය අන් සෑම දිනකම විවෘතව පවතියි.
තේවා වේලාව
ගණ දෙවි දේවාලය
අලුයම 4.30
උදෑසන 10.30
සවස 6.30
සෙනසුරාදා දින අලුයම 4.30 තේවාව නොපැවැත්වෙයි. තේවා වේලාවන්හි ද දේවාලය විවෘතව පවතියි.


තේවා වේලාව
වල්ලි අම්මා දේවාලය
දහවල් 12.00 රාත්‍රී 8.00
දේවාලය විවෘතව පවතින්නේ තේවා වෙලාවන්හි පමණි.
තේවා වේලාව
තේවානි අම්මා දේවාලය
අලුයම
පලනි ආණ්ඩ දේවාලය – 5.45
තේවානි ආම්මාන් දේවාලය – 6.02
බහිරව දේවාලය – 6.15උදෑසන
පලනි ආණ්ඩ දේවාලය – 11.15
තේවානි ආම්මාන් දේවාලය – 11.30
බෝගර් ස්වාමි – 11.45
බහිරව දේවාලය – 11.45සවස
පලනි ආණ්ඩ දේවාලය – 07.15
තේවානි ආම්මාන් දේවාලය – 07.30
බහිරව දේවාලය – 07.45
දේවාලය විවෘතව පවතින්නේ තේවා වෙලාවන්හි පමණි.
