දෛනික පුදපූජා සහ චාරිත්රවිධිවලට අමතරව රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයන් තුනක් පවත්වනු ලැබේ.
යනාදී වශයෙන් මෙම මංගල්‍ය හඳුනාගත හැකිය. මෙම සියලූම මංගල්‍ය නැකැත් අනුව ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි.
කතරගම දෙවිඳුන් විසින් වල්ලි මාතාව බැලීමට යාම ස්මරණය කිරීම සඳහා මෙය පවත්වනු ලැබේ. මෙම මංගල්‍යය සිංහල අවුරුදු චාරිත්‍ර අනුව සිදුකරන්නක් වන අතර එය කිරි ඉතිරවීම, දේවාලයේ දොර විවෘත කිරීම, පහන් දැල්වීම, වත බැඳීම, දෙවියන් වැඩම කිරීම, නානුමුර මංගල්‍යය, දැකුම් තැබීම හා මුරුතැන් බෑම ආදී අභිචාර කටයුතු රැුසකින් සමන්විත වෙයි. දේවාලයේ ඉදිරිපිට අංගනයේදී කිරි ඉතිරවීම සිදුවේ. මෙහිදී මුලින්ම දවුල්කාර මුහන්දිරම් තුන්වරක් දවුල වාදනය කරන අතර ඉන්පසු පනික්කියා ඇද්දුම හේවිසිය නාදකිරීමෙන් අනතුරුව නැකතට අනුව ලිප ගිනි දල්වයි. දේවාලයේ මු`ඵ හතරේ පහන් පැල් තැබීම අවුරුදු මංගල්‍යය හා බැඳුණු විශේෂ චාරිත්රයකි. අවුරුදු පෙරහර ඇඳුම් ආයිත්තම් රැුගෙන යාම සහ අවුරුදු නැකැත්වලට සමගාමීව සියලූ අවස්ථාවල දෙවියන් වැඩමවීම බස්නායක නිලමේතුමා ඉදිරිපිට සිදුවේ.
මෙය කතරගම දෙවිඳුන් හා වල්ලි අම්මා අතර මංගල උත්සවය සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන්නකි. කප් සිටුවා දින 45 කට පසුව ඇසළ පෙරහර ආරම්භ වන අතර නැකැත් යෙදීම අනුව ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දින 15 ක් හෝ 16 ක් ගතවේ. මංගල්‍යයේ අවසාන දින තුනේදී තේවානි අම්මාට හොරෙන් කතරගම දෙවියන් වල්ලි අම්මා දේවාලය වෙත වැඩමවීම විශේෂ චාරිත්රයකි. ඇසළ මංගල්‍යය හා බැඳුණු චාරිත්‍ර විධි සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගත හැකිය.
පෙර චාරිත්රානුගතව කප් සිටුවීම හා නානුමුර මංගල්‍යයෙන් ආරම්භ වී අතුපන්දල දැමීම, ගිනි පෑගීමේ මංගල්‍ය ආදී පෙරහර පවත්වන කාලය තුළ විශේෂිත වූ දිනයන්ට හා නැකැත් වලට අනුව දෙවියන් වෙනුවෙන් ඉටුකෙරෙනා පාරම්පරික චාරිත්‍ර බොහෝමයක් අවසන මහ පෙරහර පවත්වා දිය කැපීමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහර මංගල්‍යයේ සියලූ කටයුතු හමාර වේ.
කතරගම දෙවිඳුන්ට වල්ලි අම්මා හමුවීම සිහිපත් කිරීම මෙම මංගල්‍යය පැවැත්වීමේ අරමුණ වේ. එළඹෙන නව වසර සඳහා රුහුණු මහා දේවාලයේ නිලධාරීන් පත්කළ පසු සිදුකරන පළමු උත්සවය වශයෙන් මෙය හඳුනාගත හැකිය. මෙම උත්සවයේදී වත බැඳීම හා දෙවියන් වැඩමවීම චාරිත්‍රානුකූලව සුභ මුහුර්තයෙන් සිදුවෙයි. මෙහිදී කතරගම දේවාලයට අයත් දිරාපත් වූ දේවල් මැණික් ගෙඟ් පාකර යැවීමේ චාරිත්‍රයක් ද පවතී. රාත්‍රි පෙරහර පවත්වා දෙවියන් ගෙවැද්දීමෙන් මෙම උත්සවය අවසන් වේ.
ඇසළ පෙරහැර 2019
මහා දේවාලය – පිට විදිය – වල්ලි අම්ම දේවාලය – ප්‍රධාන විදිය – මහා දේවාලය