දිනපතා පූජාව

උදෑසන 4 ආයිත්තම් මනිය හෙවත් ගාණ්ඨාරය නාද කිරීමෙන් අනතුරුව මාසයේ තේවාව බාර කපු රාළ පැමිණ දේවාල විවෘත කොට ඉන් අනතුරුව ප්‍රධාන වාහල්කඩ විවෘත කරයි. ඉන් අනතුරුව දවුල් වාදන මධ්‍යයේ ප්‍රථමයෙන් බුද්ධ පූජාව කිරි විහාරය වෙත රැගෙන යයි. එයට පසුව දේවාලය වෙත මුරුතැන් ගෙන යයි. මුරුතැන් කඳ දේවා මාලිගාවට තුළ ගෙනගොස් මද වේලාවකින් පසුව නැවත පිටතට රැගෙන විත් බැතිමතුන් අතර බෙදා දීම සිරිතකි. උදෑසනට මුරුතැන් ලෙස පූජා කරනුයේ පැණි බතකි.

දහවල් තේවාව උදෑසන 10.30 ආරම්භ වන අතර එහිදී ද ප්‍රථමයෙන් දහවල් දානය කිරිවිහාරය වෙත වැඩම කරවන අතර ඉන් අනතුරුව දේව මාලිගාව වෙත මුරුතැන් ගෙන යයි. දහවල් මුරුතැන් ලෙස පූජා කරනුයේ එළවළු මිශ්‍රිත බතකි.

සවස පූජාව ද එසේ සිදු කරනු ලබන අතර එය සවස 6.30 ආරම්භ වේ. සවස ද පැණිබතක් මුරුතැන් ලෙස පුදනු ලැබේ.

සෙනසුරාදා දින පූජාව

සෙනසුරාදා උදෑසන 4.30 පූජාව පවත්වනු නොලබන අතර මෙදින උදෑසන 9 නානු මුරය ආරම්භ වේ. ආලත්ති අම්මාවරු මැණික් ග‍‍‍‍ගෙන් ගෙන එන දිය ප්‍රථමයෙන් ම අෂ්ඨඵල බෝධීන් වහන්සේ දෝවනය සදහා ලබා දෙන අතර  පසුව නානු මුරය සදහා දිය ගෙන එනු ලබයි.

නානු මුරය පැවැත්වීමෙන් අනතුරුව ආලත්ති අම්මාවරු විසින් ආලත්ති බෑම සිදු කරන අතර ඉන් පසු මුරුතැන් පූජාව සිදු කරනු ලබයි.  