ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ

බස්නායක නිලමේ පදවිය

රුහුණු කතරගම මහා දේවාලයේ රාජකාරි මඬුල්ල ඇතුළු කට්ටලය හා පිටකට්ටලය වශයෙන් බෙදෙන අතර එයින් පිටකට්ටලයේ ප්‍රධානියා වන්නේ බස්නායක නිලමේවරයාය. බස්නායක නිලමේ ධූරයේ පළමු නාමය “මහ බෙත්මේ” යන්න වන අතර මෙකී ධූරය පළමුවෙන්ම හොබවන ලද්දේ දුටුගැමුණු රජුගේ ඥාතිවරයකු හෙවත් මාමා කෙනෙකු වූ ගිරුවාපත්තුවේ ගොරහරදුගම භාතියතිස්ස බමුණු කුමාරයා බව කියැවේ.

මෙසේ අනාදිමත් කාළය සිට පැවත ආ මහබෙත්මේ තනතුර බ්‍රිතාන්‍ය පාලන සමයේ දී පත්කරනා ලද කමිටුවකින් බස්නායක නිලමේ යනුවෙන් වෙනස් කර, පාරම්පරික පෙළපත් වලට එම නිලයේ බලය පවරා, ඊට අදාල සුදුස්සන් පත් කරනා ලදී.

එසේ පාරම්පරිකව බස්නායක නිලමේ ධූරය දැරූ අවසාන බස්නායක නිලමේවරයා වන්නේ පුංචි බණ්ඩා උල්විට නිලමේය. එතුමන් 193 වන තෙක් එම ධූරය දැරූ අතර 1931 දී පී.බී. කටුගහ නිලමේවරයා මෙම තනතුරට පත් වන්නේ ජන්ද ක්‍රමය අනුවය.
මෙකී ඡන්ද බලයෙන් සිදු කෙරුනු බස්නායක නිලමේවරයාගේ නිල කාළ සීමාව වසර දහයක් වූ අතර 1980 දශකය වන විට එය වසර පහකට සීමා කරන ලදී.

බස්නායක නිලමේවරයාගේ රාජකාරි අතර, දේවාලය සතු චංචල – නිශ්චල දේපොළ කළමනාකරණය, මංගල්‍යය පැවැත්වීම, පෙරහැර මංගල්‍යය වල දී දෙවිහාමුදුරුවන් වැඩම කරවීම, දෙවොලට ලැබෙන පුද පඬුරු පාලනය, දේවාල අරමුදල හරහා සමාජ සත්කාරක සේවා ක්‍රියාත්මක කිරීම ආදිය ප්‍රධාන වෙයි.

වර්තමානයේ මේ භාරධූර වගකීමේ හොබවනු ලබන්නේ ඩිෂාන් ගුණසේකර බස්නායක නිලමේතුමන් වන අතර එතුමන් 2020 වර්ෂයේ සැප්තැම්බර් මස දී එම තනතුරට තේරී පත් විය. මීට පෙර එතුමන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු උත්පලවණ්ණ මහා දේවාලයේ බස්නායක නිලමේ ධූරය ද හොබවන ලදී.

රාජකාරි මණ්ඩලය

කුඩා බෙත්මේ සහ මහ බෙත්මේ

බෙත්මේ යන්නෙහි අර්ථය බෙදා වෙන් වෙන් වශයෙන් පරිපාලන කටයුතු කිරීම යන්නය. ඒ අනුව මහ බෙත්මේ පාර්ශ්වය වනුයේ බස්නායක නිලමේ අංශය වන අතර කුඩා බෙත්මේ පාර්ශවය වනුයේ අධිකාරම් නිලමේ අංශයයි.

මෙම තනතුරු ද රජු විසින් පත් කිරීම සිදු වූ බව ශ්‍රී වික්‍රමරාජසිංහ යුගයට අයත් සන්නසකින් පෙනී යයි. 1818 විමුක්ති අරගලය උදෙසා කටයුතු කිරීමේ වරදට බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් එකල කතරගම මහ බෙත්මේවරයා සහ කුඩා බෙත්මේවරයා දේශද්‍රෝහීන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරවා ඝාතනය කරන ලදී.

වර්තමානයේ දී දයානන්ද අධිකාරි මහතා මහ බෙත්මේ නිලය ද අබේපාල අධිකාරම් කුඩා බෙත්මේ නිලය ද දරනු ලැබේ.
දේවාලයේ මහබෙත්මේවරයා හෙවත් අදිකාරම්වරයාට ද විශේෂ රාජකාරි ගණනාවක් පැවරී ඇත.

රාජකාරි මණ්ඩලය

ප්‍රධාන කපු රාළ

දෙවියන් උදෙසා කැපවී කටයුතු කරන යන අරුතින් කපුරාළ නම් වූ මෙම ධූරය රුහුණු මහා කතරගම දේවාලයේ ඇතුලු කට්ටලයේ ප්‍රධාන ධූරයයයි. දෙවියන් උදෙසා මුරුතැන් බෑම, බැතිමතුන්ගේ පූජාවන් දෙවියන් උදෙසා කැප කිරීම, දේවාශිර්වාදය ලබා දීම එතුමන්ගේ ප්‍රධාන රාජකාරිය වේ. දුටුගැමුණු මහ රජු කතරගම දේවාලය ඉදි කිරීමෙන් අනතුරුව මෙම කපු ධූරය නන්දිමිත්‍ර යෝධයාට ප්‍රදානය කළ බව කියැවේ. ඒ සදහා කටගමුව නම් ගම්වරයක් ද ලබා දී ඇත. වර්තමානයේ මෙම තනතුර හොබවනු ලබන්නේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා විසිනි.

රාජකාරි මණ්ඩලය

කපු රාළවරු

අනෙකුත් රාජකාරි මණ්ඩලය

කපු රාළවරු

ප්‍රධාන කපු මහතාගේ සහයට තේවේ කපු රාළවරු සහ පෙරහැර බලන කපුරාළ නමින් නිලරාජකාරි මණ්ඩලයක් වේ. පෙරහැර බලන කපුරාළගේ ප්‍රධාන රාජකාරිය වන්නේ පෙරහැරේ දෙවියන් වැඩමවීමේ දී ඇතුපිට දෙවිහාමුදුරුවන්ට ආරක්ෂාව සලසමින් ගමන් කිරීමයි.

අනෙකුත් රාජකාරි මණ්ඩලය

ආලත්ති අම්මාවරු