මණ්ඩපයේ රාජකාරී 18 දෙනා රාජකාරි
මේ අයගෙන් කාර්ය භාරයන් වනුයේ තේවා කටයුතුවලදී අවශය සියලූ පසුබිම් සකසා දීමයි. ඒ අනුව ගොටුමහනන් 4යි, දවුල්කාර මුහන්දිරම් 4යි, හක්පිඹින්නන් 2යි, හොරණෑ පිඹින්නන් 2යි, පාවාඩ කරුවන් 2යි, උඩුවියන් කරුවන් 2යි, මුහන්දිරම් පන්දම් කරුවන් 2යි වශයෙන් 18 දෙනා සමන්විතයි. ඉහත නිලයන්හි කාර්යභාරයන් පිළිවෙළින් මෙසේය.
ගොටුමහන නිලය
ඇසළ උත්සවයේදී මගුල් පෙරහර දිනයේ ද, මහා නානු මුර දිනයේ ද, දිය කපන දිනයේ ද, බස්නායක නිළමෙට, වලව්ව ගොටුව ද, පෙරහර බලන රාළට පෙරහර බලන ගොටුව ද, අධිකාරම් නිලමේට ද, කුඩා හා මහ ඛෙත්මේ දෙපළට ද, ගම්පහේ විදානේට ද, කත් නිලයට ද, තවලම් මුහන්දිරම් දෙපළට ද, පාවඩ නිලයට ද, හේවිසා මණ්ඩලයට ද, ගොටු ඛෙදා දීම සාම්ප්‍රදායික චාරිත්රයකි. යළි ඉල් මහ මංගල්‍යය හා අවුරුදු මංගල්‍යය යන මංගල්‍යයන් දෙකේදී ඉහත කී අයට ගොටු ඛෙදා දීමද සෙසු සෑම තේවා මුරයකදීම බස්නායක නිලමේගේ වලව්ව ගොටුව අනවරතයෙන්ම දිය යුතුය. තේවේ කපුරාළ දෙවියන් වැ`දීමේදී පංජාලත්තන් තැබීම මගුල් කප සම්බන්ධ චාරිත්‍ර ඉටු කිරීම අ`ගුරු කුඩිච්චිය සම්බන්ධ චාරිත්‍ර ඉටු කිරීම පෙරහර බලන ගොටුව හා වලව්ව ගොටුව යන ගොටු ඛෙදා දීමේ චාරිත්‍ර ඉටු කිරීම වශයෙනි.
දවුල්කාර මුහන්දිරම් නිලය
සියළු මුරුතැන් චාරිත්‍ර වලදී ද, නානු මුර මංගල්‍යයේදී ද, මිණි බැ`දි මණ්ඩපයේදී ද, දවුල වැයීම. පෙරහැරේ හේවිස වැයීම. කිරි ඉතිරවීමේ මංගල්‍යයේදී තුන්විටක් ඇද්දුම් හේවිසිය හන් කිරීම. සෑම පෙරහර ආරම්භයකදීම තුන්විටක් ඇද්දුම් දවුල හන් කිරීම. දිය කපන පෙරහරට පෙර තුන්විටක් දවුල හන් කිරීම.
සක පිබීමේ නිලය
රාජකාරිය
මුරුතැන් පූජාව නිමාවේදී සක් පිඹීම,දෙවියන් වැ`දීමේදී සක් පිඹීම
සෙනසුරාදා දිනවල නානුමුරයට, රිදී කලයට පැන් ගෙනෙද්දී කඩවර දෙවොල අසල ඇති වාහල්කඩ සිට සක් පිඹීම.
හොරණෑ නිලය
රාජකාරිය
මහා නානු මුරයේදී හොරණෑව පිඹීම
පෙරහරේ හොරණෑව පිඹීම.
සෑම මුරුතැන් පූජාවකදීම හොරණෑව පිඹීම.
පාවාඩ නිලය
දෙවියන් වැඩමවීමේදී හා මුරුතැන් ක`ද ගෙන ඒමේදී මණ්ඩපයේ සිට අතුපන්දල දක්වා පාවඩ ඇතිරීම.
උඩුවියන් නිලය
රාජකාරිය
මුරුතැන් ක`ද ගෙන ඒමේදී උඩුවියන් ඇල්ලීම
මුහන්දිරම් පන්දම් නිලය
රාජකාරිය
දවුල්කාර මුහන්දිරම්ට පෙරහරේදී පන්දම ඇල්ලීම
Learn About Our
Capabilities
Phasellus et ipsum justo. Aenean fringilla a fermentum mauris non venenatis. Praesent at nulla aliquam, fermentum ligula a eget, fermentum metus. Morbi auctor sed dui et rhoncus. Lorem ipsum dolor sit amet, consectetuer elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam:
Learn To Be Sustainably Happy!
Join the Happiness Program. Experience a calm mind, reduced anxiety increased energy levels and sustainable happiness everyday!