කතරගම දේවාල

ඓතිහාසික රුහුණු කතරගම දෙවොල

රුහුණු මහා කතරගම දේවාලය එළාර රජු සමග යුධ සමයේදී දුටු ගැමුණු රජු විසින් කතරගම දෙවියන්ට වූ භාරයක් නිසාවෙන් ඉදි කළ බව ජන මතයයි.

විවිධ චාරිත්‍ර විදි කතරගම දේවාලයේ දෛනිකව සහ වාර්ෂිකව දූටුගැමුණු රාජ අණින් අදටත් කි්‍රයාත්මක වේ.

දෛනික පූජාවන්

අලූයම 4.30
උදෑසන 10. 30
සවස 6.30

සතියේ දින 06 කම දෛනිකව පැවැත්වෙන අතර සෙනසුරාදා දින පමණක් අලූයම 4.30 පූජාව නොපවත්වා උදෑසන මහා නානුමුරය සිදු කිරිමෙන් පසු පූජාව පවත්වනු ලබයි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල භූමියෙA දීවාර්ෂික පෙරහර මංගල්‍යයන් 03 ක් පවත් වනු ලබන අතර අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලූත් අවුරුදු දිනට පෙරහරකුත්,ජූලි මාසය හෙවත් ඇසළ මාසයේ දින 15ක් පෙරහර මංගල්‍යයක්ද නොවැම්බර් මාසයේදී ඉල් පෙරහරද පැවැත්වේ. විවිධ වු කරුණු සනිටුහන් කරමින් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල භූමියේ මෙම මංගල්‍යයන් පැවැත් වේ.