ඇසළ පෙරහරේ පූර්ව චාරිත්‍ර
ඇසළ පෙරහර උත්සවයේ සමාරම්භක දක්ෂිණායන වර්ෂා සෘතුවේ මිථුන රවියේ පුර පෑලවිය දින පෙරහරට පෙර ගබඩාකාර රාල පැහැදුම් කඳක් සකසා බුලත් අතක් සහිතව බස්නයක නිලමේ බැහැදැක පෙරහර සුදානම් බව දැනුම් දෙයි. ඉනික්බිති වත බැදීමට අවශ්‍ය සළු පිළි හා ආභරණ ගබඩාකාර රාල දෙවොලට භාර දෙයි.
නැකත අනුව වත බඳින අවස්ථාවේ දී මේ සළුපිළි තේවේ කපු රාල කෙනෙක් ඇත් පන්තියට රැගෙන යයි. සමාරම්භක දින සුබ හෝරාවකින් ද සෙසු දිනවල සවස 6.30 පසු වත බඳියි. අවුරුදු මංගල්‍යයේ දී ද ඉල්මහ කාර්තිකයේ දී ද ඇසළ උත්සයි මඟ=ල් පෙරහර දින දී ද පමණක් නැකැත් චාරිත්‍ර අනුව වත බඳින අතර, පෙර පවත්වන දිනට අදාළ ග්‍රහයාගේ වර්ණයෙන් යුතු සළුවකින් මුතු කුඩයේ මුදුන සරසයි.
ප්‍රථමයෙන් වත පුටුව මංගල ඇතාගේ ගේ පිටමත තබා බඹ 17 ක් දික් වුද තුනට නැමුවා වුද කඹයෙන් කොස් පොත්ත ගැටයෙන් වත පුටුව හිර කරනු ලැඛෙයි. ඉන්පසුව ගැට ගසන ලද කඹයේ පළමු පොටෙන් ඇතාගේ ගේ කරපහ ද දෙවන පොටෙන් ඇතාගේ ගේ බඳ පටිය ද තුන්වන පොටින් ඇතාගේ ගේ අපර කොටස හෙවත් පස්ස පටිය ද ගැටගසනු ලැඛෙයි. ඉන්පසුව ඒ වත පුටුව මත මුතු කුඩය සවි කර, ඒ වත පුටුවට කොට්ට සළුව වඩනු ලැඛෙයි. ඉන්පසු සළු තුනකින් වන පුටුව සරසයි. මේ සළු වැඩීම
පෙරහර වතාවත්
අවුරුදු මංගල්‍යයේ දී මුතු කුඩයේ ඉහළට යොදන සළුව ශ=භ වර්ණයෙන් යුතු වන අතර, ඉල්මහ මංගල්‍යය පෙරහරේ දී මුතු කුඩයේ මුදුනට යොදන සළුව අදාළ දිනට නියමිත ග්‍රහයාගේ වර්ණය අනුව යොදා ගනු ලැඛෙයි. ඇසළ මහ පෙරහර අවසන් දින කිරි වෙහෙරට යන බැවින් කහ වර්ණයේ සළුවකින් මුතු කුඩයේ මුදුන සරසනු ඇත්තේය.
දුටු ගැමුණු රජතුමා කතරගම දේවාලය පෞරා‚ක සිරිත් අනුව නිර්මාණය කර, එහි පෙරහර වල්ලි අම්මා දෙවොල තෙක් වීදි සංචාරය කරන හැටියට නියම කර,එම පෙරහරේ මූලික අංග ලෙස කහ දියර මුට්ටියේ සිට දෙවියන් වඩම්ම වන ඇත් හාමිගේ පසු පස ගෙන යන වන පන්දම සෙත් වන අංග නම් කෙළේය.
අද කතරගම පෙරහරේ දක්නට ලැඛෙනුයේ කලින් කල බස්නායක නිලමේවරුන් විසින් එකතු කළ සංස්කෘතික අංග වේ. පෙරහර පවත්වන සෑම අවස්ථාවකම පෙරහරට පෙර කහදියර ඉසීම සිරිතකි. පෙරහර මාවත හා ඊට අදාළ සියලූ ස්ථාන පවිත්‍ර කිරීම මෙහි අරමුණ වෙයි.
මේ කහදියර ඉසීමේ චාරිත්‍රය කරනුයේ කතරගම දෙවොලේ අධිකාරම් යටතේ සේවය කරන විදාන රාල විසින් යොදවන පුද්ලයකු විසිනි. කහදියර මුට්ටිය රැගත් අයට පෙරහරේ වතාවන් හා නඩත්තු පොළවල් ගැන අවබෝධයක් තිබිය යුතුය. පෙරහරේ ගමන සිදුවනුයේ ඔහුගේ ගමනත් සමගය. සෑම නඩත්තු පොළක්ම හඳුනාගෙන පෙරහර නවත්වනුයේ ද යළි ගමන ආරම්භ කරනුයේ ද ඔහු විසින්මය.
බස්නායක නිලමේ සැරසී ආසිරි ගී ශ්‍රවනයෙන් අනතුරුව, දේවාලයට යන බස්නායක නිලමේ පළමුව දෙවියන් වැඳ තම ගබඩා පිළ පාර්ශවයෙන් සිටියි. ඉනික්බිති ගොටු මහන පිළේ අය මගින් දෙවොල් මාලිගාව හා මි‚ බැඳි මණ්ඩපය හෙවත් ආලප්ති මණ්ඩපය පිරිසිදු කර රක්ත වර්ණ පාවාඩයක් අතුරා එය මොණර පිල්ලෙන් හැමද මංගල සංඛයෙන් එම පාවාඩයට හඳුන් කිරි පැන් ඉස ඉන්පසු ප්‍රධාන කපුරාල දෙවියන් වඳියි. අනතුරුව දෙවියන් එළියට වැඩම වීම සිදුවෙයි. ඇත්හාමි ගේ පිටට දෙවියන් වඩමවද්දී දෙවොල හා ඇත් පන්තිය අතර මග දෙපස සිට නරඹන්නෝ දෙවියන්ට මල් ඉසිති. ඇත් හාමී පිටත සරසා ඇති වත පුටුවේ දෙවියන් තැන්පත් කළ පසු ඇතු ඉදිරියට හැරෙන තුරු බස්නායක නිලමේ ඇතුළු පිරිස දෙවියන් දෙස බලා සිටිති. ඉන්පසු නිලමේ පිරිස ගණ දෙවි කෝවිල නැමද ගණේෂ ගේ නළලේ සාම්ප්‍රදායික පරහද තිලකය තබා පෙරහර සඳහා ගණේෂ ගේ ආශිර්වාදය පතයි. ඉන්පසු කිරි විහාරයට සැපත් වන බස්නායක නිලමේ පිරිසට පිරිත් නිලය භාර කිරි විහාරාධිපතින් වහන්සේ විසින් පිරිස පංචශීලයෙහි පිහිටුවා බුදුන් වැඳ බස්නායක නිලමේට ආශිර්වාද කරනු ලබති.
ඒ චාරිත්‍රය නිමවු පසු පෙරහරේ වඩින ලෙස බස්නායක නිලමේතුමා දෙවියන්ට ආරාධනය කරයි. ඉන්පසුව කහ දියර මුට්ටිය, හේවිසිය, බස්නායක නිලමේ හා එම අධිකාරම් නිලමේ හා එම කුඩා ඛෙත්මේ මහ ඛෙත්මේ ලේකම්වරු ආලත්තී අම්මාවරු ඇතා හා කපු මණ්ඩලය ගමන් කරති.
වාහල්කඩ අසල දී අතීත සිදුවීම එළිදරව් කිරීමක් හැටියට ආදිවාසී කෙනෙක් ඇත් හාමි පිට වැඩසිටින දෙයියල ඇත්තන්ට දුන්නෙන් විදීමට සැරසෙයි. ඉන් අනාවරණය වනුයේ තම නැග‚ය වූ වල්ලි බැලීම සඳහා ස්කන්ට කුමරුට යෑමට ඉඩ නොදෙන බවයි. තොරන් පොජ්ජ කඩුළු පොජ්ජ රැකුම් කරනවා යැයි ආදි වාසින් හඳුන්වන ඒ අවස්ථාවේ දී දෙවියන් ගේ ප‚විඩය රැගෙන යන අධිකාරම් නිලමේ පවසනුයේ තොපලාට වස්තුව දෙන්නම් නැග‚ය බැලීමට ඉඩ දෙන්න යනුවෙනි. ඒ බව හඟවමින් අධිකාරම් විසින් කප්පම් පොජ්ජක්( මුදල් කාසි) රතු කච්චියක් මත හෙළනු ලබයි.
ඉන්පසු වැදි ජනතාව එයට එකඟත්වය පවසමින් දෙයියල ඇත්තන්ට වල්ලි බැලීම සඳහා යෑමට ඉඩ දෙයි. කළ වරදට දෙවියන්ගෙන් සමාව ගැනීමක් හැටියට දෙවියන්ට පිටු නොපා දෙවියන්ට නමස්කාර කරමින් ආදි වැසියෙක් පෙරහරේ පස්සෙන් පස්සට යයි. මෙය මෙහෙය වනුයේ උනාපාන වරිගයේ කළුවා ඇත්තන්ය. ඔහුගේ වැඩිමහලූ සහෝදර උනාපාන වරිගයේ බණ්ඩිලා ඇත්තන් දෙවියන්ට වඳිමින් පෙරහරේ පස්සෙන් පස්සට යයි. එම වැදි චාරිත්‍රයෙන් පසු පෙරහර වීදි සංචාරය කරයි.