රුහුණු කතරගම

අෂ්ඨපල බෝධිය

අනුරාධපුර මහ මෙව්නා උයනේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කළ කල්හි එයින් හට ගත් මුල් ශාඛා අටෙන් එක් ශාඛාවක් ලෙස මෙම බෝධින් වහන්සේ සලකනු ලැබේ. ක්‍රි. පු. 3 වන සියවසේ දී එම බෝධිරෝපණ මංග්‍යයට කතරගම ක්ෂත්‍රීයන් ද සහභාගී වූ බව සඳහන් වේ. ඔවුන්ට එම මංගල්‍යයට සහභාගී වීම නිමිත්තෙන් ලැබුන රාජකීය ත්‍යාගය වූයේ මෙම බෝධි අංකුරයයි.

මෙම බෝධින් වහන්සේ සමඟ ගොඩනැඟුනු විහාරය කිරි විහාරය නම් වේ. වර්තමානයේ මෙම බෝධින් වහන්සේගේ හා කිරි විහාරයේ භාරකාරීත්වය ද කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය සතුව පවතී.