රුහුණු කතරගම
මැණික් ගඟ
ඌවේ නමුණුකුළ කන්දෙන් ආරම්භ වන කතරගම මැණික් ගඟ කිලෝ මිටර් 114 ක් දුර ගෙවා ගොස් මුහුදට වැටි අවසන්වේ. ශුද්ධ වු ජලය ඇති ගංඟාවක් ලෙස මැණික් ගඟ සැළකේ. කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් මැණික් ගඟෙන් දිය නා පිරිසිදු වී දේවාලය වන්දනාමාන කිරිම පිණිස පැමිණෙති.
කතරගම දේවාලයේ දෙවියන්ගේ පුජාව සදහ ද අෂ්ඨ ඵළ බෝධියේ නානමුරය සදහා ද ජලය ලබා ගන්නා මැණික් ගඟ ඉහත අතීතයේ දී කිසිදු අයකු නිවාස තැනිමක් හෝ දිය නෑමක් සිදු නොකළ බව ජනප්රවාදයේ සදහන්වේ. දේවාලයේ චාරිත්රයන් මුල් කර ගණිමින් මැණික් ගඟටද තොටු පොළවල් නම් කර ඇත.