රුහුණු කතරගම
මුස්ලිම් සිද්ධස්ථානය
කතරගම පුද බිමේ පිහිටා ඇති මුස්ලිම් සිද්ධස්ථානයට ද අවුරුදු 800 පමණ දිගු ඉතිහාසයක් ඇති බව ජනප්රවාදයේ සඳහන් වේ. කතරගම දෙවියන් පිළිබඳ භක්තියකින් පසු වූ පාල් බාබා නම් මුස්ලිම් ජාතික පූජකතුමා මෙම සිද්ධස්ථානයේ ආරම්භයා ලෙස හැඳින්විය හැකිය. දඹදිව සිට පැමිණි එතුමන් පළතුරු සහ කිරි පමණක් ආහාරයට ගත් නිසා “පාල් කුඩි බාබා” නමින් හඳුන්වා ඇත.
එතුමන් මිය යාමෙන් අනතුරුව එහි දේහය භූමදානය කොට ඇති අතර අද දවසේ දී ද එම ස්ථානය අපට දැක ගත හැකිය. මෙහි ඇති සුවිශේෂී පාෂාණයක් සර්ප ආදි විෂ ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාවෙන් යුතු බව ප්රකාශ කෙරෙන අතර මෙම සිද්ධස්ථානයට බැතිමතුන් භාර හාර වන අයුරු ද දැක ගත හැක.