ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ

වල්ලි දෙව`ගනට අයත් දේවාලය

ක`ද කුමරුවන් ගේ ලක්දිව භාර්යාවක් වන වල්ලී දෙව`ගන ට අයත් ප්‍රධාන දේවාලය කතරගම පුජා භූමියේ පවති. කතරගම දේවාලයේ පැවත්වෙන පෙරහර මංගල්‍යයන් සංචාරය කර පැමිණෙන්නේ මෙම දේවාලය වෙතයි. දෙවියන් වැඩමවාගෙන පැමිණෙන පෙරහැර සු`ඵ වේලාවක් නතර කරනුයේ  වල්ලි දේවාලය අසළයි. පැරණි චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව නැවත මහා දේවාලය වෙත ගමන් කිරීම සිදුවේ. මෙම දේවාලයද කතරගම දේවාලය හා සමානව පැරණි අතර මෙම දේවාලය අසළ නුග හා සියඹලා ගස් දෙකක් එකට එක්වී වල්ලී දෙව`ගන හා ක`ද සුරිදුන්ගේ රුවට සාමානව පිළිරුවක් ස්වභාව ධර්මයෙන්ම පිහිටා තිබේ. ඇසළ මංගල්‍යයේදි දිය කැපීමෙන් පසු කපු මහතා ස`ගවා තබන ස්ථානය ද කප් කනු දේවාලයට වැඩම වීමට පෙර තබන ස්ථානය ද පෙරහර ගමන් කර චාරිත්‍ර කරන ස්ථානය ද වන වල්ලී දේවාලය වැ`ද පුදා ගැනීමට දිනපතා හින්දු බෞද්ධ මුස්ලිම් ජනයා නිතරම පැමිණිම සිදුවේ.

සෙල්ල කතරගම වල්ලි දෙව`ගනට අයත් දේවාලය වල්ලී දෙව`ගන හැදීි වැඩුණු ස්ථානය බවට ජනප්‍රවාදයේ කියවෙන ගල් ලෙනක් සහිත වු ස්ථානයක් තුල දේවාලයක් පවතිනු ලබන්නේ සෙල්ල කතරගම ශී්‍ර වල්ලි විහාරස්ථානයේය. වල්ලිය හැදුනේ තණ හේනක බවත් ගල් ලෙනක් තුල ජිවත් වු බව ක`ද කුමරුවන් හා බැදුණු වල්ලී කථා පුවතේ සෙල්ල කතරගම මැණික් ග`ග අසබඩ දී වල්ලිය හා ක`ද කුමරුවන් හමු වු බව  ජනප්‍රවාදයේ කියවේ.

මෙම ස්ථානයේ වල්ලී දෙව`ගන සිටි ගල් ලෙන ද වල්ලීය දිය  නෑ බව කියන විලක්ද අදත් දැකීය හැකි අතර බොහෝ අත්භුත සිදු වීම් රැසක් මෙම පොකුණු ආශ්‍රීතව සිදු වී අතර මෙම ස්ථානයේ දැවැන්ත ගල් තලාවක් ද පවති. මෙහි විවිධ කැටයම් හා ගල් වලින් සැදු ජල තටාක කීපයක් පිහිටා ඇති අතර ඇත් අඩී වලට සමානව සළකුණු රැසක් මෙම ගල උඩ පවතින අතර වැඩි සිටි කන්ද ද මෙම ගල් තලාවට ඉහළින් ඍජුව පිහිටා තිබීම විශේෂයකි. මෙම ස්ථානයට ද හින්දු බෞද්ධ බැතිමතුන් නිතර පැමිණ පුදු පුජා පවත්වා වල්ලී දෙව`ගනගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගනු ලබයි.