
දිනපතා මුරුතැන් පූජාව ඉරිදා සිට සිකුරාදා දක්වා අලුයම 4.30, උදෑසන 10.30, සවස 6.30 යන වේලාවන්හි දී පැවැත්වේ. සෙනසුරාදා අලුයම 4.30 පූජාව නොපැවැත්වෙන අතර උදෑසන 9.30 නානුමුර පූජාව ආරම්භ වේ. සෙනසුරාදා උදෑසන 10.30 සහ සවස 6.30 පූජා පමණක් පැවැත්වේ.

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික මංගල්‍යයන් වන්නේ අවුරුදු මංගල්‍යය,
කණු කපන මංගල්‍යය හෙවත් කප් සිටුවීම, ඇසළ මහා මංගල්‍යය හා ඉල් මහ මංගල්‍යය වාර්ෂික මංගල්‍යයන් ලෙස පෙර රාජ ආඥාව අනුව අද දවසේදීත් ඉෂ්ඨ සිද්ධ කරනු ලබයි.

බැතිබර ඔබ විසින් දේවාලයට පිරිනමනු ලබන පුද පඩුරු හා අනෙකුත් පරිත්‍යාග වලින් සිදු කරනු ලබන සමාජ සුබ සාධන ව්‍යාපෘති, පුණ්‍ය කර්ම කටයුතු පිළිබද තොරතුරු මෙයින් දැන ගත හැක.